Heading
දේශීය
2025-12-09 11:05 am • Views: 53

“වගකීම පැහැර හැරලා...!”

“වගකීම පැහැර හැරලා...!”
පාර්ශ්ව කිහිපයක් රජයට එරෙහිව නඩු දමයි.
සුළි කුණාටුවෙන් ඇති විය හැකිව තිබුණු බලපෑම පිළිබදව කල් තියා ජනතාව දැනුවත් නොකිරීම සම්බන්ධයෙන්, දේශපාලන පක්ෂ, සිවිල් සහ පරිසර සංවිධාන ඇතුළු පාර්ශ්ව කිහිපයක්, රජයට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
සුළි කුණාටුවේ බලපෑම පිළිබදව පැහැදිලි ඇඟවීම් තිබිය දී ත් වගකිව යුතු රාජ්ය ආයතන ඒ පිළිබදව ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු නොකළ බව පවසන එම පිරිස, රජයේ අසාර්ථකත්වය ජීවිත හා දේපළ හානි සිදු වීමට බල පෑ බවට චෝදනා කරයි.
අදාල නඩු රිට් පෙත්සම් ආකාරයෙන් ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.
එමෙන්ම, මීට පෙර, පාස්කු ප්රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන ඇතුළු රාජ්ය නිළධාරීන්ට එරෙහිව ලබා දුන් නඩු තීන්දුව සහ රට බංකොලොත් වීමට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් වගකිව යුතු බව ප්රකාශ කරමින් ලබා දුන් නඩු තීන්දු මෙහිදී උපුටා දැක්වීමට නියමිත ය.
රජයට එරෙහිව නඩු පැවරීමට සූදානම් වන පිරිස, පසුගිය පස් වනද කොළඹ දී රැස් වී ඒ පිළිබදව සාකච්ඡා කොට ඇති බව පැවසේ.
මහජන භාරකාර මූලධර්මය මත සිය සංගමය රජයට එරෙහින නඩු පවරන බව, නිදහස් නීතීඥ සංගමයේ කැඳවුම්කරු, නීතීඥ දිනේශ් විදානපතිරණ පවසා තිබේ.
ඊට අමතරව, “අපි ශ්රී ලංකා” නමැති සංවිධානයේ කැදවුම්කරු ප්රියන්ත හේරත් පවසා ඇත්තේ, ඔවුන්, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු පැවරීමට අදහස් කරන බවයි.
පරිසර යුක්ති කේන්ද්රයේ සභාපති, නීතීඥ රවීන්ද්ර දාබරේ පවසා ඇත්තේ, අවදානම් කලාපවලින් ජනතාව ඉවත් කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන්, ඔවුන් රජයට එරෙහිව නඩු පවරන බවයි.

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න