“විනාශ වූ දුම්රිය සහ මාර්ග පද්ධතිය
යථා තත්ත්වයට ගෙන ඒමට උදව් කරන්න..!”
සජිත් මෙරට රුසියානු තානාපතිගෙන් ඉල්ලයි.
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද පෙරවරුවේ දී මෙරට රුසියානු තානාපති මහතා මුණ ගැසී තිබේ.
මෙම හමුවේ දී සුළි කුණාටුවෙන් ශ්රී ලාංකික පුරවැසියන් මුහුන දී තිබෙන ගැටළු පිළිබදව තමන් රුසියානු තානාපතිවරයා දැනුවත් කළ බව සජිත් ප්රේමදාස මහතා පවසයි.
එමෙන්ම, සුළි කුණාටුව හේතුවෙන් විනාශයට පත් වූ දුම්රිය සහ මාර්ග පද්ධතිය යළි යතා තත්ත්වයට ගෙන ඒම සදහා අවශ්ය සහයෝගය ලබා දෙන ලෙසද සජිත් ප්රේමදාස මහතා රුසියානු තානාපතිවරයාගෙන් ඉල්ලා තිබේ.